ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් (නිවේදන)

ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ.