ධීවර ජනතාව වෙත කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (07) පස්වරු 11.40 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දෙනවා.

ත්‍රිකුණාමලය මුලතිව හරහා සිට කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් නිවේදනයේ සඳහන්.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්න ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53
Video thumbnail
මොණරාගලට ජල සම්පාදනය අඛණ්ඩව පවත්වාගැනීමට පියවර
05:06
Video thumbnail
ලාල්කාන්ත සහෝදරයට කතා කරන්න..නම්බර් එක ඉල්ලගෙන - Whatsapp එකේ වොයිස් මැසේජ් එකක් තියන්න
06:54
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය - "මං ඔයාලගෙන් හිඟාකන්න ආවේ නෑනේ මිස්"
02:04
Video thumbnail
අපේ රජය එනවා ගාට ගාට..රජය ගොඩක් දුර්වලයි - කඩා වැටිච්ච නිසානේ අපිට රට දුන්නේ
06:07