ධීවර ජනතාවගේ ගැටලු විසඳීමට ජනපතිගෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් – ධීවර ඇමති

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මේ වන විට රටේ සියලු ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බව අතර ධීවර ජනතාවගේ ගැටලු විසඳීමට ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

ධීවර කර්මාන්තය නඟාසිටුවීමට සහ අනාගතයට ගැළපෙන ආකාරයට පවතින නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සදහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා…

ධීවර ක්‍ෂේත්‍රයට අදාළව පවතින බොහෝ නීති ඉතා පැරණියි. එම නිසා ඊට අදාළ නව නීති ඇතුළත් කෙටුම්පත මේ වසර අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම සඳහන් කළයුතුයි ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙරට සාගර සම්පත විනාශ වෙනවා වගේම අපේ ධීවරයින්ගේ ජීවනෝපායට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී මේ සම්බන්ධව අවධානය යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

උතුරු පළාත තුළ මුහුද ආශ්‍රිත ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. උතුරු පළාතේ අක්කර 5000ක පමණ මෙම ජල සම්පත් ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අපේ ඉලක්කයයි. මේ වන විට අක්කර 1500ක පමණ ප්‍රදේශයක ජල සම්පත් ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. විශාල ආයෝජකයින් පිරිසක් එයට සම්බන්ධ වීමට ඉදිරිපත් වී සිටිනවා. ඒ වගේම දුප්පත් ජනතාවත් මේ ව්‍යාපෘතිවලට සම්බන්ධ කරගෙන ඔවුන් නඟාසිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මෙන්ම සංහිඳියාව සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා දේශීය වශයෙන් පමණක් නොව විදේශයන්හි ද අදහස් පළ කර තිබෙනවා. දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබුණත්, 13 වැනි සංශෝධනය හරහා වුවත් විසඳුම් ලබාදීමට හැකියාව තිබෙනවා.

රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. පවතින බොහෝ ගැටලුවලට ජනාධිපතිතුමා මේ වන විටත් විසඳුම් ලබා දී තිබෙනවා. දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ද මේ වන විට විසඳමින් සිටිනවා. දේශපාලන සිරකරුවන් බවට හැඳින්වූ පිරිසක් නිදහස් කිරීමටද පියවර ගැනුණා. මේ ප්‍රශ්න විසඳා ගැනීමට දෙමළ පාර්ශ්ව ද ඉදිරිපත් විය යුතුයි. ඔවුන් දේශපාලන වාසි තකා දෙමළ ජනතාව වෙනුවෙන් කියමින් යම් යම් දේවල් කරනවා. එහෙම වුණොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.

මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් සෘජුවම විපතට පත් ධීවරයන් 15032 දෙනකුට වන්දි ලබාදී තිබෙනවා. එසේම වක්‍රව විපතට පත් ධීවරයන් 4882 කට ද වන්දි මුදල් ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3068 ක මුදලක් අදියර හතරක් යටතේ ලබා දුන්නා. කළුතර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සිදුකළ තොරතුරු රැස් කිරීම්වලින් අනතුරුව අදාළ වන්දි මුදල් ලබාදී තිබෙනවා. තවත් විපතට පත් අය සිටී නම් අමාත්‍යාංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32