ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් එකඟතාවකින් වැළකෙයි (ඡායාරූප)

ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් කරුකුපනේ මීසම් පාලක පියතුමන්ගේ සහ පොලීසියේ මැදිහත් වීම නිසා වැළකී ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; මෙම ගැටුම ඊයේ ආරච්චිකට්ටුව – කරුකුපනේ ගම්මානයේ දී ඇති වීමට ගිය බවයි.

ආරච්චිකට්ටුව – කරුකුපනේ ගම්මානයේ ජීවත් වන්නේ බහුතරයක් ධීවරයින් වන අතර; ඔවුන්ගෙන් ඇතමුන් මුහුදු ගොස් මසුන් මරණ අතර තවත් පිරිසක් එම මසුන් අලෙවි කිරීම සහ කරවල වියළීම සිදු කරනවා.

කරුකුපනේ කරවලවලට වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

කරුකුපනේ ධීවරයින් විසින් අල්ලාගෙන විත් අලෙවි කිරීමෙන් පසුව ඉතිරි වන මසුන් පමණක් කරවල සඳහා යොදා ගැනීමට ප්‍රමාණවත් නොවන බව එක් පාර්ශ්වයක් චෝදනා කරනවා.

මේ නිසා කරවල වියලීමට අවශ්‍ය මාළු පිටස්තර ප්‍රදේශවලින් ගෙන එන්නට ඔවුන් කටයුතු කර තිබුණු අතර; එසේ පිටස්තර ප්‍රදේශවලින් තම ගමට මාළු ගෙනවිත් අලෙවි කරනවාට කරුකුපනේ ගම්මානයේ ධීවරයින් පිරිසක් විරෝධතා දක්වන බවටයි වාර්තා වන්නේ.

එම විරෝධය නොතකමින් කරවල ව්‍යාපාරිකයින් පිටස්තර ප්‍රදේශවලින් මාළු ගෙනවිත් තම ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීමට පෙළඹී සිටින බවත් සඳහන්.

මේ හේතුවෙන් ඊයේ දිනයේ දී මුහුදු ගොස් මසුන් මරණ 600 ක් පමණ වන ධීවරයින් පිරිසක් කරුකුපනේ වෙරළ තීරයට කඩා වැදී එහි ඉදි කර තිබූ කරවල වාඩි කිහිපයක් ම ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ සමග ම මුහුදු ගොස් මසුන් මරණ ධීවරයින් සහ කරවල ව්‍යාපාරිකයින් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය ඇති බව‍යි වාර්තා වන්නේ.

කරුකුපනේ මීසම් පාලක චමින්ද ධම්මික පියතුමන් සහ ආරච්චිකට්ටුව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව දෙපාර්ශ්වය ම කැඳවා ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ ශ්‍රවණාගාරයේ දී මේ
සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එම සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වී ඇති බවයි පැවසෙන්නේ.

ලබන 01 වැනිදා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමටත්, එතෙක් දෙපාර්ශ්වය ම ගැටුමකින් තොරව තම තමන්ගේ කටයුතු කරගෙන යාමටත් පමණක් එකඟ වූ බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03