ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරෙක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට

බස් රථයක් ධාවනය කරමින් සිටි බස් රථ රියදුරෙක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයත් සමග බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක් ද කඩාගෙන ගොස් නතරවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහි රියදුරා බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන මෙම අනතුරට ලක්වී ඇත්තේ කොට්ටාව පිළියන්දල 342 මාර්ගයේ ධාවනය වන බස් රථයක්.

අද අලුයම 5.45ට පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පොලට යමින් සිටියදී රියදුරාට මත්තෙගොඩ ප්‍රදේශයේදී හදිසි හෘදයාබාධයක් වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එහිදී රියදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එම ස්ථානයේ තිබූ නිවසක තාප්පයක් කඩාගෙන ගොස් නිවසේ බිත්තියක් අසල නතරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අනතුර සිදුවන විට අදාළ නිවසේ අඹුසැමි යුවළක් සහ දරුවෙක් සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැහැ.

අනතුරින් මියගිය බස් රථ රියදුරා කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

පොලිසිය පැමිණ ඔහු වෑතර දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46