spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරෙක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට

බස් රථයක් ධාවනය කරමින් සිටි බස් රථ රියදුරෙක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයත් සමග බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක් ද කඩාගෙන ගොස් නතරවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එහි රියදුරා බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන මෙම අනතුරට ලක්වී ඇත්තේ කොට්ටාව පිළියන්දල 342 මාර්ගයේ ධාවනය වන බස් රථයක්.

අද අලුයම 5.45ට පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පොලට යමින් සිටියදී රියදුරාට මත්තෙගොඩ ප්‍රදේශයේදී හදිසි හෘදයාබාධයක් වැළඳී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එහිදී රියදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන එම ස්ථානයේ තිබූ නිවසක තාප්පයක් කඩාගෙන ගොස් නිවසේ බිත්තියක් අසල නතරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අනතුර සිදුවන විට අදාළ නිවසේ අඹුසැමි යුවළක් සහ දරුවෙක් සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැහැ.

අනතුරින් මියගිය බස් රථ රියදුරා කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

පොලිසිය පැමිණ ඔහු වෑතර දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?