spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරු සිහිසුන් වෙලා – 13ක් රෝහලේ

පුද්ගලික බස් රථයක රියදුරුට හදීසියේ සිහිසුන්වීම හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව තිබෙනවා.

අද (07) උදෑසන මෙම පුද්ගලික බස් රථය වවිනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලුම්හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇති බව සඳහන්.

එහිදී 40කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක්වරම සිහිසුන්වී තිබෙනවා.

එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තිබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක ගැටී තිබුණා.

එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවස තුළ සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

ඒ වන විටත් රියදුරුට පියවි සිහිය තිබී නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

එම අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් සුලු තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.

මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රමුඛ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?