ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ට්‍රේලරය ගැලවී යාමෙන් 08ක් රෝහලේ (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයක ට්‍රේලරයක් ගැලවී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද පස්වරු 3ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හැටන් සිට නාවලපිටිය දක්වා ධාවනය වු ට්‍රැක්ටර් රථයක ට්‍රේලර් කොටස ගැලවී යාමෙන් සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ එම ටේලර් රථයේ ගමන් ගත් 08 දෙනෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැටන් සිට නාවලපිටිය දක්වා ගොඩනැගිලි ඉදි කිරීම් ද්‍රව්‍ය සහ සේවකයින් පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරය ගැලවී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී ගොස් ඇතැයි සඳහන්.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද විනාඩි 30ක පමණ කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබුණා.

ට්‍රැක්ටර් රථය වංගුවක් ගැනීමත් සමග ට්‍රේලරය ගැලවී ගොස් ඇතැයි අනාවරණ වී ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවයි අනතුර හැටන් පොලිසිය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04