ධාවනයට එක්කළ නොහැකි තවත් ඉන්දීය මැදිර 120ක් ගෙන්වයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වූ  දුම්රිය මැදිරි 120ක් ධාවනයට එක් කිරීමට නොහැකිව තිබියදී  නැවතත් එම වර්ගයේම මැදිරි 40ක් මෙරට ගෙන්වා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මැදිරි ගෙන්වීමේ ව්‍යාපෘතියක් යටතේ මැදිරි 160 මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ බවත්, මේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී මැදිරි 120ක් මෙරටට ගෙන්වූ බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසීය.

මෙලෙස ගෙන්වූ මැදිරිවල පැවති විවිධ දෝෂ හේතුවෙන් එම  මැදිරි ධාවනයට එක් කිරීමට නොහැකි වූ බවත්, මේ නිසා මෙම මැදිරි දුම්රිය අංගණවල ගාල් කර තැබීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

මේ නිසා පවතින දෝෂ තත්ත්වයන් ඉවත්කර ඉතිරි මැදිරි 40 මෙරට රැගෙන එන ලෙස වෘත්තීය සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, එය සිදු නොකර පෙර ආකාරයේම මැදිරි 40ක් ගෙන්වා තිබෙන බවද එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.

මෙලෙස ගෙන්වූ මැදිරිවලින් විස්සක් මාර්තු 19වැනිදා කොළඹ වරායට රැගෙවිත් තිබෙන බවත්, එහෙත් මෙම මැදිරි වරායෙන් මුදවාගෙන දුම්රිය අංගණවලට රැගෙන යාමට කටයුතු නොකිරීම නිසා දිනකට විශාල මුදලක් තබාගැනීමේ ගාස්තු වශයෙන් වරායට ගෙවීමට සිදුව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

පසුගිය මස 21වැනිදා මෙම මැදිරි ගොඩබෑම සිදුකර තිබෙන බවත්, දෙවැනි වරට පැමිණි මැදිරි 20ක් පසුගිය මස 29වැනිදා ගොඩබා තිබෙන බවත් සඳහන් කළ හෙතෙම, වරාය තුළ අදාළ මැදිරි තිබෙන සෑම දිනයක් වෙනුවෙන්ම විශාල මුදල ගෙවීමට සිදුවන බවද පැවසීය.

මෙම මැදිරි 160ක ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි එක්දහස්  හයසියකට අධික බවත්, එහෙත් අදාළ මැදිරිවල පවතිනි දෝෂ තත්ත්වයන් නිසා මෙම මැදිරි ධාවනයට එක්කළ නොහැකි බවත් එස්.පී. විතානගේ මහතා ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27