spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ වසරේ ජනවාරි වන විට ධරිද්‍රතාවය 144%කින් වැඩි වෙලා

2024 ජනවාරි මාසය වන විට නිල ධාරිද්‍රතා රේඛාවේ අගය රු.17,014ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංඛ්‍යාන) ශාමලී කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ, එය 2019 වර්ෂය හා සැසඳීමේ දී 144% ක වැඩිවීමක් බවයි.

එනම් 2024 ජනවාරි මාසය වන විට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට ආහාර හා ආහාර නොවන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම වියදම රු. 68,056ක් බවයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය අවුරුදු කිහිපය තුළ සිදු වූ උද්ධමනයේ සීග්‍ර වැඩිවීම බව ඇය කියා සිටියා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාව සඳහා නිල දරිඳතා රේඛාව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබන අතර වසර තුනකට වරක් සිදු කරන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ දත්ත ඇසුරෙන් මෙය ගණනය කරන අතර අවසන් වරට 2019 වර්ෂය සඳහා නිල දරිද්‍රතා අගයන් ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?