spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධර්ම මාර්ගයේ යමින් රට දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අදිටන් කරගමු – ජනපති

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බවත් ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝයක් පවතින බව ජනධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට යෙදී ඇති පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේ බව ජනාධිපතිවරයා පැවසුවේ.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කරගමු යන්න ජනධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී මම සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවායි ජනධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?