ධර්ම මාර්ගයේ යමින් රට දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අදිටන් කරගමු – ජනපති

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බවත් ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝයක් පවතින බව ජනධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට යෙදී ඇති පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේ බව ජනාධිපතිවරයා පැවසුවේ.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කරගමු යන්න ජනධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී මම සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවායි ජනධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04