spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Braking News – ධම්මික පෙරේරා කැමැත්ත දෙයි

ධම්මික පෙරේරා ඔහුට අයත් සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගැනීමට කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවද වාර්තා වනවා.

මේ අතර ගැසට් නිවේදනයක් මඟින් අලුතින් නම් කළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

එම අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුලු ආයතන 15ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?