ධනා පරාජයට හේතු කියයි (වීඩියෝ)

දඟ පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් සාර්ථකව මුහුණ දුන්නා ද යන්න ප්‍රශ්නය පවතින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

සංචාරක ඕස්ට්‍රේලියාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමාවට පත්වීමෙන් පසු අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ධනංජය මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද මෙම තරගාවලිය තුළ එතරම් දක්ෂතා අතරට නොපැමිණි බවයි නායකයා ලෙස ධනංජය මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවේ.

එමෙන්ම තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දිගු ඉනිම ක්‍රීඩා කිරීමට අපොහොසත්වීම ද තරගාවලි පරාජයට හේතු වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස පරාජය පත්වීමට ශ්‍රී ලංකාවට අද සිදු වුණා.