ධනය සහ බලය වෙනුවෙන් මානවයාගේ ඇති දැඩි ඇල්ම පාප් වහන්සේ හෙළාදකී

ධනය සහ බලය සඳහා මානව වර්ගයාගේ ඇති දැඩි ඇල්ම අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළා දැක තිබෙනවා.

ඒ නත්තල් සැමරුම වෙනුවෙන් වතිකානයේ පැවති රාත්‍රි දිව්‍ය පූජාවේදීයි.

මෙහිදී විශේෂයෙන් යුක්රේනයේ යුද්ධය සහ අනෙකුත් ගැටුම් සම්බන්ධයෙන් උන්වහන්සේගේ අවධානය යොමුවී තිබෙනවා.

යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන් සහ අයුක්තියෙන් පිඩාවට පත්වූ දරුවන් පිළිබඳ අන් සියලුදේට වැඩ තමන් සිතන බවයි පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී බැතිමතුන් අමතමින් උන්වහන්සේ කියා සිටියේ “සතුන් තම කුටිවල ආහාර ගන්නා අතරේ, අපේ ලෝකයේ පිරිමින් සහ ගැහැනුන්, ධනයට හා බලයට ඇති ආශාවෙන්, තම අසල්වැසියන්, ඔවුන්ගේ මව්වරුන් සහ සහෝදරියන් පවා පරිභෝජනය කරනවා,” යනුවෙන්.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝද පුටුවකින් පල්ලියට ඇතුළු වූ අතර අනතුරුව දිව්‍ය පූජාවන් සඳහා පූජාසනයේ අසුන් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේව මෙහෙය අතරතුර රුසියානු-යුක්රේන යුද්ධය ගැන උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47