spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනය සහ බලය වෙනුවෙන් මානවයාගේ ඇති දැඩි ඇල්ම පාප් වහන්සේ හෙළාදකී

ධනය සහ බලය සඳහා මානව වර්ගයාගේ ඇති දැඩි ඇල්ම අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හෙළා දැක තිබෙනවා.

ඒ නත්තල් සැමරුම වෙනුවෙන් වතිකානයේ පැවති රාත්‍රි දිව්‍ය පූජාවේදීයි.

මෙහිදී විශේෂයෙන් යුක්රේනයේ යුද්ධය සහ අනෙකුත් ගැටුම් සම්බන්ධයෙන් උන්වහන්සේගේ අවධානය යොමුවී තිබෙනවා.

යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන් සහ අයුක්තියෙන් පිඩාවට පත්වූ දරුවන් පිළිබඳ අන් සියලුදේට වැඩ තමන් සිතන බවයි පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී බැතිමතුන් අමතමින් උන්වහන්සේ කියා සිටියේ “සතුන් තම කුටිවල ආහාර ගන්නා අතරේ, අපේ ලෝකයේ පිරිමින් සහ ගැහැනුන්, ධනයට හා බලයට ඇති ආශාවෙන්, තම අසල්වැසියන්, ඔවුන්ගේ මව්වරුන් සහ සහෝදරියන් පවා පරිභෝජනය කරනවා,” යනුවෙන්.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝද පුටුවකින් පල්ලියට ඇතුළු වූ අතර අනතුරුව දිව්‍ය පූජාවන් සඳහා පූජාසනයේ අසුන් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේව මෙහෙය අතරතුර රුසියානු-යුක්රේන යුද්ධය ගැන උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?