spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනංජයගේ අවාසනාව

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(22) ඉතා අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දුන්නා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 95කින් ලකුණු 61ක් රැස් කළා. ඊට හතරේ පහර 5ක් ද ඇතුළත්.

මෙම අවාසනාවන්ත දැවීයෑමට ඔහු මුහුන දුන්නේ ගියේ ශැනොන් ගේබ්‍රියල් යොමු කළ පන්දුවක් හමුවේ හිට් විකට් දැවී යාමකට හසු වෙමිනි.

පන්දුවට පහර දීමෙන් පසුව පන්දුව තණතීරුවේ වරක් පතිත වී එය කඩුල්ල වෙත ඇදී ගිය බැවින් ධනංජය විසින් පන්දුව කඩුල්ලේ වැදීම වැළැක්වීම සදහා නැවත පහරක් එල්ල කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී යි ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් ධනංජය ද සිල්වාට සිය ඉනිම ලකුණු 61ක්ව තිබියදී අවසන් කිරීමට සිදු වුණා..

ධනංජය ද සිල්වා අන්තර්ජාතික ටෙස්ට් තරග පිටියේ හිට් විකට් දැවී යාමකට හසු වූ දෙවන අවස්ථාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?