ධනුෂ්ක ගුණතිලකගේ ඉරණම තීරණයවන දවස අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළ නඩුවේ තීන්දුව අද (28) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්ව සිටිය දී ධනුෂ්ක ගුණතිලකට මෙම චෝදනාවන් එල්ල වුණා.

ඒ, අනුවව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඉන් පසුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී මෙම නඩු විභාගයකට මුහුණදීමටයි ඔහුට සිදු වුණේ.

වින්දිත කාන්තාව විසින් එල්ල කර තිබූ චෝදනාවවලින් අවසානයේ ඔහුට, කාන්තාව සමඟ ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ඉවත් කළ බවටයි චෝදනා එල්ල වුණේ.

ඒ, අනුව දින ගණනාවක් පැවති නඩු විභාගයේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව නඩු විභාගට ගෙන අවසන්වීමෙන් පසු විනිසුරු සාරා හගෙට් දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32