spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්ක ගුණතිලකගේ ඉරණම තීරණයවන දවස අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළ නඩුවේ තීන්දුව අද (28) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක්ව සිටිය දී ධනුෂ්ක ගුණතිලකට මෙම චෝදනාවන් එල්ල වුණා.

ඒ, අනුවව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඉන් පසුව සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී මෙම නඩු විභාගයකට මුහුණදීමටයි ඔහුට සිදු වුණේ.

වින්දිත කාන්තාව විසින් එල්ල කර තිබූ චෝදනාවවලින් අවසානයේ ඔහුට, කාන්තාව සමඟ ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ඉවත් කළ බවටයි චෝදනා එල්ල වුණේ.

ඒ, අනුව දින ගණනාවක් පැවති නඩු විභාගයේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව නඩු විභාගට ගෙන අවසන්වීමෙන් පසු විනිසුරු සාරා හගෙට් දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?