spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දොස්තර සාෆිගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මිලියන දෙකකට වැඩි මූල්‍ය පරිත්‍යාගයක්

පසුගිය දිනවවල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට හිමි වූ හිඟ වැටුප් හා දීමනා සියල්ල මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට ඔහුගේ අත් හිටවූ සේවා කාලයට අදාලව හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් දෙ මිලියන හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණා.

ඒ අදාල කාලසීමාවට අයත් හිඟ වැටුප් හා දීමනා ජුලි මස 10 වනදාට පෙර යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කිරීමත් සමඟයි.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට ලැබී ඇති අතර ඒ අනුව ඔහු තීරණය කර ඇත්තේ තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවන ලෙස දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු නඩු විභාගයකින් නියෝග කළා.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය වැඩි දුරටත් සඳහන් කළේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා සියල්ල යළිත් ෆුට ලබාදෙන ලෙසටයි.

WhatsApp Image 2022 06 13 at 12.56.32 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?