දොස්තර සාෆිගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට මිලියන දෙකකට වැඩි මූල්‍ය පරිත්‍යාගයක්

පසුගිය දිනවවල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට හිමි වූ හිඟ වැටුප් හා දීමනා සියල්ල මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට ඔහුගේ අත් හිටවූ සේවා කාලයට අදාලව හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් දෙ මිලියන හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක මුදලක් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණා.

ඒ අදාල කාලසීමාවට අයත් හිඟ වැටුප් හා දීමනා ජුලි මස 10 වනදාට පෙර යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කිරීමත් සමඟයි.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්හට ලැබී ඇති අතර ඒ අනුව ඔහු තීරණය කර ඇත්තේ තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීමටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවන ලෙස දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු නඩු විභාගයකින් නියෝග කළා.

එම නියෝගය නිකුත් කරමින් අධිකරණය වැඩි දුරටත් සඳහන් කළේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා සියල්ල යළිත් ෆුට ලබාදෙන ලෙසටයි.

WhatsApp Image 2022 06 13 at 12.56.32 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42