spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෛනික විදුලි කප්පාදුව ඇනිවසරිය සමරයි

දිනපතා සිදුකරන විදුලි කප්පාදුවට මේ වනවිට වර්ෂයක් සම්පූර්ණ වී තිබෙනවා.

විදුලි කප්පාදුව අරඹා පසුගිය 07 වනදාට (ජනවාරි 07) වර්ෂයක් සම්පූර්ණ වූ බවයි මෙරට ජාතික පුවත් පතක් අද වාර්තා කර තිබුණේ.

ඒ, අනුව පළමු වරට විදුලි කප්පාදුව ආරම්භ කරණු ලැබුවේ 2022 වසරේ ජනවාරි මස 07 වනදායි.

ඉන්ධන ආනයනය සඳහා පවතින විදේශ විනිමය හිඟය ඇතුළු කරුණු කීපයක් හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ, අනුව දෛනික විදුලි කප්පාදුවක් සඳහා අවසර හිමි වූ අතර මේ වනවිය එය දිනකට පැය දෙකයි මිනිත්තු විස්සක් දක්වා කාලයක් සිදුකරනු ලබනවා.

දෛනිකව සිදුකෙරෙන මෙම විදුලි කප්පාදුව හේතුවෙන් ජන ජිවිතයට මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

කෙසේ වෙතත් තෛයිපොංගල් දිනය යෙදී තිබෙන අද (15) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?