දෛනික ආසාදිතයින් ගණන ඉහළ යාමේ හේතුව ?

වසංගත රෝග විද්‍යානූකූලව නිර්වචනය කිරීමේ දී කොවිඩ්-19 වෛරසය මෙරට තුළ මෙතෙක් සමාජගතව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

“අද දෙරණ බිග් ෆෝකස්“ වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ඊයේ “අද දෙරණ“ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා වුණා සෞඛ්‍ය අංශ කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වය රෝගීන් වැඩිපුර වාර්තා වෙනවාද ? මේ රෝගීන් සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරක්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් – පසුගිය දවස් 4ක – 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් එල්ලවෙනවා දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන මේ කාණ්ඩය අපිට හදිසියේවත් ආවොත් අපි කොහොමද මුහුණදෙන්නේ පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනව ද? 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “රජයේ රෝහල්වල නැතිවුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා.“

වෛද්‍ය අන්වර් හමිදානි මහතා – “සුමාන තුනකට කලින් වෛද්‍යවරියක් ලංකාවට එනවා ඒකෙදී අපි සැකකරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙදී හොයාගන්නවා එහෙම නෙමෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුළින් තමයි සොයාගත්තේ. ඒ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කටයුතු ලංකාවේ තවමත් සිදුකෙරෙනවා. ඒ හරහා හඳුනාගැනීම් සිදුවෙනවා.“

ප්‍රශ්නය – හැමදාම අහන ප්‍රශ්නය මේක තාම සමාජගත වෙලා වැද්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් –  “PCR කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරලා තියෙනවා. නමුත් අපේ පොසිටිව් රේට් එක තවමත් ඒ ගාණෙම තමයි තියෙන්නේ. සමාජ ගතවීමක් වෙලා තියෙනවානම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න එන්න පොසිටිව් රේට් එක වැඩිවෙන්නට ඕනේ. වැඩිවීමක් තියෙනවා නමුත් වසංගත රෝග විද්‍යානුකූලව තවම සමාජ ගතවීමක් කියන තත්ත්වයකට අපිට නිර්වචනය කරන්න බැහැ කියලා තමයි ඒ අය කින්නේ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33