spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශීය මත්පැන් හඳුනා ගැනීමට විශේෂ පරිගණක යෙදවුමක්

නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් පාරිභෝගිකයන්ට ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පරිගණක යෙදවුම මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකරයට ඇල්ලීමෙන් එය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ සිට සියලු විස්තර පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව පවතිනවා.

ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී ඇති බව සඳහන් කරන සුරාබදු
දෙපාර්තමේන්තුව, දේශීය මත්පැන් සඳහා ද ස්ටිකරය නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව සඳහන් කළේ.

ව්‍යාජ මත්පැන් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?