දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නම විකුණා හොරා කන්න ආ යුවළක් අල්ලයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වා මුදල් වංචා කිරීමට පැමිණි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම – දර්ගා නගරයේ පිහිටි රත්රන් භාණ්ඩ අලෙවි ස්ථානයකට ඊයේ (29) පස්වරුවේ පැමිණ ඇති මෙම දෙදෙනා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා ඔවුන් සතුව තිබූ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලේඛන පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෙළඳසැලේ බදු නොගෙවා ඇති බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ දහයක හිඟ මුදලක් ඇති බවත් පෙන්වා එම වෙළඳසැලේ හිමිකරු නොමඟ යවා වංචනික ලෙස මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්.

පසුව වෙළඳසැල් හිමිකරු මේ බව තම පුතාට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, මෙම යුවළ ව්‍යාජ යුවළක් බවට හඳුනාගෙන ගෙන දෙදෙනාව ප්‍රදේශවාසීන් සමඟ එක්ව අල්ලාගෙන අලුත්ගම පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සැකකාර යුවළ තවත් කණ්ඩායමක් සමඟ අලුත්ගම ප්‍රදේශයට පැමිණ මෙම වංචාවේ නිරතව සිට ඇති අතර, මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමඟ වංචාකාරී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායම මීට පෙර කඳාන ප්‍රදේශයේ ද මේ මෙවැනි ආකාරයෙන් වෙළඳසැල්වලට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබූ හෙයින් එම වෙළඳසැලේ හිමිකරුගේ පුත්‍රයා ඒ බව වට්සැප් සමූහයක් මගින් හඳුනාගෙන තිබුණු අතර ඒ හේතුවෙන් මොවුන් දෙදෙනාව මෙලෙස අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාර යුවළ අද (30) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01