දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී අද (08) පැවැති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වා ගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය, RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබාදීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණා.

කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නා.

මෙම ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS (Point of Sale) යන්ත්‍ර හඳුන්වාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

මෙම පියවර මඟින් රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

වත්මන් රජය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් සිදුකළ මැදිහත්වීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ අරමුණු පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම රජයේ සමස්ත ඩිජිටල්කරණ වැඩසටහනේ වැදගත් පියවරක් වන අතර මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැ’යි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14