දේශීය අදායම් දෙපාර්තමේන්තුවට සහ රේගුවට අලුත් ප්‍රධානීන් දෙදෙනෙක්

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරයා ලෙස ඩී.ආර්.එස්. හපුආරච්චි පත්කර තිබෙනවා.

එමෙන්ම නව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පී.බී.එස්.සී.නෝනිස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට අද (26) එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව දැනුම් දුන්නා.