spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වූයේ නැහැ – සජිත් (වීඩියෝ)

නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා සිට X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරනවා.

ඔහු එම සටහනේ දක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 04ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමි වූ බවයි.

එමෙන්ම සාමාජිකයින් දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටි බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 05ක් අවශ්‍ය බව ඔහු මෙහිදී පෙන්වා දෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද විමසීමක දී ප්‍රතිඵලය සම වන අවස්ථාවක පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

WhatsApp Image 2024 02 26 at 10.56.50 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?