අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 19 වැනි දින විශේෂ විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
එම කමිටුව විසින් පසුගියදා නොතීසියක් මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම කමිටුව හ්හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර, ඒ අනුව ඔහු පළමු වරට එදින කමිටුව හමුවේ පැවැත්වීමට නියමිත පරීක්ෂණ කටයුතු සඳහා පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
මෙම කමිටුව ඊයේ (15) දින ද පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සිදුකර තිබෙනවා.
විමර්ශන කමිටුව එළඹෙන 19 වනදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 08 හිදී රැස්වීමට නියමිතයි.














It should be happen as he has misused the power.