දේශබන්දු තෙන්නකෝන් පළමු වරට සාක්ෂි දෙයි – ලැබුණු 149 දෙනෙකුගේ ලැයිස්තුවක් ගැනත් හෙළිදරව්වක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධ පරීක්ෂණවල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත කාරණාව ඉටු නොවන බවත්, එම නිලධාරීන් හරක්කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට නොගන්නා බවත් දැනුණු හෙයින් එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන් බව, අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (23) විශේෂ විමර්ශන කමිටුවේ දී ප්‍රකාශ කළා.

වැලිගම W 15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කෙරුණු බවයි වාර්තා වන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව අද 9 වැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

දේශබන්දු තෙන්නකෝන් මෙම කමිටුව හමුවේ පළමු වරට සාක්ෂි දුන් අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. වීරවික්‍රම හරස් ප්‍රශ්න කිරීම ආරම්භ කරමින්, ”ඔබ පොලිස්පතිවරයාව සිටි සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම කාගේ තීරණයක් ද?” යනුවෙන් දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් දේශබන්දු තෙන්නකොන් පැවසුවේ මෙවැන්නක්;

”ස්වාමීනි, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මට කැඳවීමක් කළා. කැඳවලා ඔහු මගෙන් ඇහුවා ඔබට පොලිස්පති ධුරය දුන්නොත් කුඩු නැති කරන්න මොකක්ද කරන්නේ කියලා. මම මගේ අදහස කිව්වා. එම සාකච්ඡාවට එවක හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් සහභාගී වෙලා සිටියා. ස්වාමීනි, එවක හරක්කටා කියන්නේ නම ගියපු අපරාධකාරයෙක්. මොහු පෞද්ගලික ජෙට් යානා භාවිත කර රටින් රටටත් යනවා. ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසක් මෙරට තුළත් ඉන්නවා. ඒ අනුගාමිකයින් යොදවලා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාව තුළ කරගෙන යනවා. ස්වාමීනි, අපි හරක් කටා අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙන එද්දී අපිට විශාල බලපෑමක් ආවා ඔහු මෙරටට ගේන්න එපා කියලා. ඔහු විශාල ලෙස ගුවන් යානය තුළ කලබල කළා. ඔහු ගුවන් යානයෙන් පනින්නත් ගියා. ඔහුගේ ඒ හැසිරීම නිසා අපිට ඔහු මෙහෙට ගෙන එද්දී ඉන්දියාවෙත් යානය ගොඩ බස්සවන්න සිද්ධ වුණා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියා. හැබැයි ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කිසිදු අඩුපාඩුවක් නැතුව එලෙසම ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණු බවටත් පෙනී ගියා.”

අනතුරුව නීතිඥ වීරවික්‍රම විමසා සිටියේ, 2023 වසරේ නොවැම්බර් 30 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ පසු හරක්කටා සම්බන්ධයෙන් විමර්ශන කළා ද යන්නයි.

ඊට පිළිතුරු දුන් දේශබන්දු තෙන්නකෝන්,

”ඔව් ස්වාමීනී.. ඔහුගේ ගෝල බාලයින් සම්බන්ධයෙන් සෙවීමට ජංගම දුරකථන අංක 3ක් ඔස්සේ විමර්ශන පවත්වලා තිබුණා. ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධ වූ පුද්ගලයින්ගේ නම් තමයි එහි තිබුුණේ. එම ලැයිස්තුව මම අදාළ නිලධාරීන්ගෙන් ගත්තා. එය මට දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා. ඔහු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා ඇතුළු පිරිසක් එම අවස්ථාවේදී සාකච්ඡාවකට පැමිණියා. එහිදී තමයි මට අදාළ ලැයිස්තුව දුන්නේ.”

එම සාකච්ඡාව රහස් සාකච්ඡාවක් ද නැතිනම් නීත්‍යනුකූල සාකච්ඡාවක් ද යනුවෙන් නීතීඥ වීරවික්‍රම විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ, රාජකාරී වේලාව තුළ කැඳවූ නීත්‍යනුකූල සාකච්ඡාවක් බවයි.

එම සාකච්ඡාවේ දී තමාට 149 දෙනෙකුගේ නම් සහ දුරකථන අංක ඇතුළත් ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ලබා දුන් බව ද දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

අදාළ නම් ඇතුළත් ලැයිස්තුවට කුමක් කළේ ද යන්න, වීරවික්‍රම මහතා එවිට ප්‍රශ්න කළා.

”ස්වාමීනි, මම එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වාචිකව උපදෙස් දුන්නා මෙම ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරලා නීතිමය කටයුතු කරන්න කියලා.”

”ඇයි එය අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට භාර දෙන්නේ නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ?

”ස්වාමීනි, එවකටත් CID එකේ හිටපු ලොකු ලොකු අයට හරක් කටාගේ මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔවුන්ට අත්අඩංගුවට ගන්න බැරිවුණා. CID එකට දීලා අපේක්ෂිත කාරණාව ඉටු වෙන්නේ නැහැ කියලා දැනගත්තු නිසා මම කොළඹ අපරාධ කොට්ඨාසයට එය භාර දුන්නා.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැදිහත් වෙමින්, කොළඹ අපරාධ කොට්ඨාසයට අදාළ බල ප්‍රදේශය කුමක් ද යනුවෙන් විමසා සිටියා.

”ස්වාමීනි, ඔවුන් වැඩ කරන්නේ කොළඹ ප්‍රදේශයේ, හැබැයි පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් පුළුවන් හැකියාව ඔවුන්ට තියෙනවා. දුරකථන අංක ඇතුළත් ලියුම වැඩබලන අධ්‍යක්ෂවරයාට දීලා පැවසුවේ කුමක් යනුවෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ නීතීඥ එස්. වීරවික්‍රම අසා සිටියා.

‘ස්වාමීනි, එම දුරකථන අංකවලට අදාළ පුද්ගලයින් හරක් කටා සමග කතා කර තිබෙන්නේ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ සම්බන්ධයෙන් නම්, ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ 149 දෙනාගේම වාර්තාවක් ලබා දෙන ලෙසට උපදෙස් දුන්නා.”

එම ලැයිස්තුවේ ඇතුළත් පුද්ගලයින් වැඩි වශයෙන් සිටියේ කුමන ප්‍රදේශවල ද යනුවෙන් එවිට නීතිඥවරයා ප්‍රශ්න කළා.

”ඔවුන් මාතර, වැලිගම, පැළෑන, මිරිස්ස යන ප්‍රදේශවල සිටියේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය සම්පත් ලබා ගන්න කියලා මම ඔහුට වාචිකව අනුමැතියක් පවා ලබා දීලා තිබුණා.” යනුවෙන් ඊට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18