දේශබන්දු තෙන්නකෝන්ට ඇප දෙනවා ද නැද්ද? – තීන්දුව අද

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබාදෙනවා ද නැද්ද? යන්න සලකා බැලෙන නඩු තීන්දුව අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව නැවතත් දුම්බර බන්ධනාගාරයේ සිට දැඩි රැකවල් මධ්‍යයේ පොලිස්පතිවරයා ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

මේ වන විටත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ද අධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව විත්තිකාර තෙන්නකෝන් මහතාව අධිකරණයට රැගෙන ආ විගස මෙම නඩුව අද විභාගයට ගැනෙනු ඇති.

අප්‍රේල් මස 03 වැනි දින විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කළේ අප්‍රේල් මස 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එදින අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණු අතර පැය එකහමාරකට අධික කාලයක් විත්තිකාර තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීමක් සිදු කළා.

එම කරුණු දැක්වීම මගින් සිය සේවාදායකයා හට ඇප ලබාදෙන ලෙසයි නීතිඥවරුන් ඉල්ලා සිටියේ.

නමුත් රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එදිනත් දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබා දීමට විරුද්ධ වුණා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විත්තිකරුව අද තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, ඇප ඉල්ලීම පිළිබඳ ව වන තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බවයි.

වැඩ තහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව
ද පෙරේදා (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී අදාළ නිලධාරියාව ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ව විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්වූ අතර එම ඡන්දයේ දී අදාළ යෝජනාව මනාව 151කින් ඒකමතික ව සම්මත වුණා.

ඒ කිසිදු විපක්ෂයේ විරුද්ධ ඡන්දයක් හෝ නොමැතිවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21