දේශබන්දුගේ ක්‍රියා කලාපය ගැන කීමට වැඩබලන පොලිස්පතිත් විමර්ශන කමිටුව හමුවට

වැඩ තහනමකට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ විමර්ශන කමිටුව හමුවට අද (17) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැමිණියා.

ඒ සාක්ෂි ලබාදීමටයි.

එහිදී රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමසා සිටියේ, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දී තිබූ වාහන ගැන වාර්තාවක් කැඳවා තිබුණා ද යන්නයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට කාර් තුනක්,ජීප් රථ 10ක් සහ යතුරුපැදි 12ක් ද ලබා දී තිබූ බව වැඩබලන පොලිස්පතිවරයා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වෙත ප්‍රති පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.

එහිදී දිලීප පීරිස් මහතා විමසා සිටියේ, දේශබන්දු තෙන්නකෝන් හට ලෑන්ඩ්කෘසර්, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ආදී සියල්ලම ලබා දුන්නේ ඔහුගේ පෞද්ගලික ගමනට ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් වැඩබලන පොලිස්පතිවරයා මෙසේ සඳහන් කළා.

”ගමන යන අවස්ථාව අනුව එය වෙනස් වෙනවා.” යනුවෙනි.

ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ මෙවැන්නක්;

” විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් 28ක්, විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 06ක්, බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන් හයක් යොදවා සිටියා. දේශබන්දු තෙන්නකෝන් නිවසේ නොමැති බව දැනගැනීමෙන් පසුව එම නිලධාරීන් කැඳවා යළි වෙනත් රාජකාරීවල යෙදවූවා.” යනුවෙනි.

ඉන් පසුව දිලීප පීරිස් මහතා විමසා සිටියේ වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය උපුල් නමැති නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රියන්ත වීරසූරිය මහතා දැනුම්වත් ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ;

” ඔව් ස්වාමිනී, ලක්ෂ 03කට වැඩිය දෙනවානම්,එයට පොලිස්පතිවරයාගේ අනුමැතිය අනිවාර්‍යයයි. මොකද එය ත්‍යාග අරමුදලක් නිසා. නමුත් එය තෙවැනි පාර්ශ්වයක් නිරීක්ෂණයට හා පරීක්ෂණයට ලක් කළ යුතුයි. නමුත් එහෙම දෙයක් මෙතන වෙලා නෑ. ඒ වගේම එය වීර ක්‍රියාවක් නැත්නම් රාජකාරියෙන් ඔබ්බට දෙයක් කර තිබිය යුතුයි..” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා.

එවිට සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ද හරස් ප්‍රශ්නයක් යොමු කළා.

සභාපති විනිසුරුවරයා විමසා සිටියේ; එම මියගිය නිලධාරියා එවැනි ක්‍රියාවක් කර තිබේද යන වගයි.

ඊට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ දැනට සිදු කර ඇති විමර්ශනවලින් සනාථ වී ඇත්තේ එවැනි ක්‍රියාවක් සිදු වී නොමැති බවත්, සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවට පෙනී යන බවයි.

ඊට මැදිවෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ විමසුවා.

”එතකොට ඊට ජනාධිපති අරමුදලෙන් මුදල් දී තිබේද? ” යනුවෙන්.

ඊට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා පවසා සිටියේ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දී ඇති බවයි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ විමසුවා.

” එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ කවුරුන් විසින් ද?”

එහිදී ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ එවක සිටි අමාත්‍යවරයා විසින් එය ඉදිරිපත් කරන ලද බවයි.

එහිදී නැවතත් ප්‍රශ්න කරමින් දිලීප පීරිස් මහතා විමසා සිටියේ එවක අමාත්‍යවරයා ව සිටියේ ”ටිරාන් අලස් නේද” යන්නයි.

ඊට වැඩබලන පොලිස්පතිවරයා එය සත්‍යයක් බවට පිළිගැනුණා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ; ඒ බව අමාත්‍යවරයා දැනගත්තේ කෙසේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ සඳහන් කළා.

”ඒක පොලිස්පතිවරයා හා අමාත්‍යවරයා එකට කළ මෙහෙයුමක් කියලා අනාවරණය වුණා. ”

එහි ප්‍රතිඵලයක් ලෙස ද 2024 ජනවාරි 18 වැනිදින පොලිස්පතිවරයා හා මහජන ආරක්ෂක අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණේ?” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා ” ඔව් ස්වාමිනී” යනුවෙන් උත්තර දුන්නා.

ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින එස්. වීරවික්‍රම මහතා හරස් ප්‍රශ්න යොමු කිරීම ඇරඹුවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට නිර්නාමිකව ලිපියක් මාර්ගයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව ද වීරවික්‍රම මහතා සභාවට දැනුම්දුන්නා.

නීතිඥවරයා (එස්. වීරවික්‍රම) – ”ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතියේ විධාන ආධිපත්‍ය නිසි ලෙස ස්ථාපනය කරන බවට පොරොන්දු වූ බැවින් මෙම කරුණු ඔබතුමාට දැනුම්දෙනවා. පළිගැනීමේ අරමුණින් කියනවා කියා වරදවා වටහාගන්න එපා.” යනුවෙන් එම නිර්නාමික ලිපියේ සඳහන්ව තිබූ බවයි දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විශේෂ විමර්ශන කමිටුව හමුවට දැනුම්දුන්නේ.

නීතිඥවරයා – ‘‘ නම රහිත පැමිණිල්ලක් එවනවා නම් එවපු කෙනා තහවුරු කරගෙන පරීක්ෂණ සිදු කරගන්න ඕන කියලා කාරණාවක් තියෙනවා. ඔබ එහෙම කරලා නෑ කියලා මං යෝජනා කරනවා”

යනුවෙන් වීරවික්‍රම මහතා කියා සිටියා.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාර ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ,

” මෙහි කරුණයි වැදගත් වන්නේ.නාමික ද නිර්නාමික ද කියන කාරණය නෙවෙයි. මේ සිද්ධිය ඒ වෙද්දි දැඩි කතාබහකට ලක් වෙලා තිබ්බා. ඒ වගේම රවී සෙනෙවිරත්න මහතා දැනුම්දී තිබුණා මේ සිද්ධිය වහාම සීඅයිඩී වෙත යවන්න කියලා, ඒ අනුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සඳහා දුන්නා..” යනුවෙන්.

නීතිඥවරයා – ” මනුස්සයා ගැන බැලුවේ නැහැ නේද? කෙලින් ම යැව්වා නේද” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ සියලු දේ විමර්ශනය කිරීමට ලේකම්ගේ උපදෙස් පරිදි තම බලයෙන් යැවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21