දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට නිමල්ට බලයක් නැහැ – ශ්‍රීලනිප වැඩ බලන මහලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් වන අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා අද (08) දින කැඳවා ඇති දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

අමාත්‍ය නිමල් සිරිපා ද සිල්වා වෙත ලිපයක් යොමුකරමින් වැඩ බලන මහලේකම්වරයා මේ බව පවසා ඇති බව සඳහන්.

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම, තීරණයක් ගැනීම හෝ ඉල්ලීමක් සිදුකිරීමට කිසිඳු අයිතිවාසිකම හෝ බලයක් නොමැති බවයි අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

වැඩ බලන මහලේකම්වරයා අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ වනවිටත් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගනනාවක් ද පවතින බවයි.

එමෙන්ම පක්ෂයේ තීන්දුවක් මත ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය අත්හිටුවා ඇතැයි ද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා දැනට එම තනතුරේ පෙනී සිටින්නේ අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් මත බවද එහි සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) කොළඹ පදනම් ආයතනයේ දී කැඳවා තිබෙනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම රැස්වීම කැඳවා ඇති අතර පක්ෂය තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි

මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේ දී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට ද නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30