දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් – චීන ජනපති

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවයි චීන ජනාධිපතිවරයා කියාසිටියේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ද ඇඟයීමට ලක් කර තිබෙනවා.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ පැවැත්වුණේ චීන මහජන මහ ශාලාවේදීයි.

මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව රාජ්‍ය නායකයන් ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වුණා.

“එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියා පිළිවෙතට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය පිළිබඳ ෂී ජින් පිං මහතා මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.

වරාය නගරය හා හම්බන්තොට වරාය “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියාපිළිවෙත උදෙසා මුලින්ම එක් වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළා.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චිනය කටයුතු කරන බවට ද චීන ජනාධිපතිවරයා යළි සහතික වී තිබෙනවා.

ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හර්ගේ චාරිකා සටහන් ඔස්සේ චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවද ෂි ජින් පිං මහතා පෙන්වා දෙනු ලැබුවා.

වර්තමානයේ චීන කොමියුනිට්ස් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව එකට එකතුව ඉහළ ආර්ථික වර්ධනයක් ඔස්සේ නවීන චීන අනන්‍යතාවක් ගොඩනැගීම උදෙසා සෑම උත්සාහයක්ම දරමින් සිටින අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ශ්‍රී ලාංකිය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළා.

ඈත අතීතයේ පටන් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ෂී ජින් පිං මහතා සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලි හා සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කර තිබෙනවා.

ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් “සුදු තුරඟ” විහාරස්ථානයේ ලාංකිය බෞද්ධ මන්දිරයක් හා ස්ථූපයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අතර එම කටයුතු සඳහා චීනයේ සහාය ලබාදෙන බවයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

එය ඉතා වැඩදායක කාර්යයක් බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ සඳහා මුලපුරන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.

ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඉන්දියන් සාගර කලාපයේ සාමය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රි ලංකාව සෑමවිටම කැපවී සිටින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාව සංවර්ධන කලාපයක් බවට පත් කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එකට එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බවයි සඳහන් කළේ.

වසර 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අරමුණ ජය ගැනීමට “එක් තීරයක් – එක් මාවතක්” 03 වන සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු අට වැදෑරුම් වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද පෙන්වා දුන්නා.

ගාසා තීරයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10