දේශපාලනයට එනවා යැයි කී පුෂ්පිකා දැන් කියන කතාව

විවාහක රූ රැජින තරඟාවලියෙන් ලැබුණු ප්‍රසිද්ධිය තමන්ගේ දේශපාලනයට යොදාගන්නා බවට එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය ප්‍රකාශ කර සිටියි.

ඇය එහිදී සඳහන් කර සිටියේ එම චෝදනාව තමන් පිළිනොගන්නා බවත්, ඕනෑම කෙනෙකුට දේශපාලන මතයක් තිබිය හැකි බවයි.  

පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඕනෑම කෙනෙකුට දේශපාලිනක මතයක් තියෙන්න පුළුවන්, මටත් තිබුණා මම නැහැ කියන්නේ නැහැ.. කවුරුත් දන්නවා මං කැම්පේන්වලට සහයෝගය දුන්නා කියලා. ඒවා බොරු නෙමෙයි ඒවා ඇත්ත.. නමුත් අපේ ජීවිතේ අපි හිතන දේවල් අපි හිතන විදිහටම ලැබෙන්නේ නැහැ.. ඒක තමයි ඇත්ත. මොකද මම හිතුවේ නැහැනේ ක්‍රවුන් එක ඔය විදිහට ගලවයි කියලා..” යනුවෙනි.

එම සිදුවීමෙන් තමන්ගේ ජීවිතයට හොඳ පාඩමක් ඉගෙන ගත් බව ප්‍රකාශ කර සිටි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ “මට මේක මගේ ජීවිතයේ ලොකු ට්‍රනින් පොයින්ට් එකක් වුණා..දෙවියන් වහන්නේ මාව ඉහළටම එසෙව්වා.. මොකද එතනදී මගේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ආදරය ගෞරවය විතරක් නෙමෙයි,මුළු ලෝකයම මට වුණු අසාධාරණයේදී හිට ගත්තා. ඒක මට ලැබුණු ලොකු වරප්‍රසාදයක්..”

තමන් දැන් එක කොට්ඨාසයකට, ජාති ආගම්, කුල භේද, පක්ෂ පාට භේදයකින් තොරව ස්වාධීනව වැඩ කිරීම සඳහා තීරණයක් ගෙන තිබෙන බවද පුෂ්පිකා මහත්මිය සඳහන් කළේය.

“ඉස්සර මගේ පාස්ට් එක හිතලා තමයි කට්ටිය චෝදනා කරන්නේ.. පාස්ට් ඉස් පාස්ට්.. නමුත් මට මේ වෙච්චි සිදුවීමෙන් මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු වෙනස් වුණා.. මේ වෙලාවේ මගේ ටාගට් එක ලෝක රූ රැජින කිරුළ, මේ වෙච්ච කැළල් ටික, රටට වුණු අපකීර්තිය නැති කරන්න මේ පාර ලෝක විවාහක රූ රැජින තරඟයට ගිහිල්ලා 03 වෙනි වරටත් ලෝක විවාහ රූ රැජින කිරුළ ලංකාවට ගේන එක තමයි මගේ එකම ගෞරවය සහ මගේ එකම අභිලාෂය…”

ඒෂියන් මිරර් විසින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් විමසා සිටියේ ඇය දේශපාලනයට පිවිසීම සඳහා සුදානමක් නැති බවට ස්ථිරවම ප්‍රකාශ කළ හැකිද ලෙසයි.

එහිදී ඇය සඳහන් කර සිටියේ තමන්ට දේශපාලනයට පිවිසීම සඳහා ඕනෑ කමක් තිබුණු බවත්, දැන් එම අදහස නොමැති බවයි. “ඒක දෙවියන්වහන්සේ තීරණය කරපු දෙයක්, මොකද අපි හැමදෙම ලැබෙන්නෙත් නැහැ නොලැබෙන්නෙත් නැහැ. ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ලැබෙයි, නොලැබෙන්න දෙයක් තියෙනවා නම් නොලැබෙයි.. දැනට මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ..” ලෙසිනි.

“මට මේ ලැබිලා තියෙන වරප්‍රසාදයත් එක්ක දේශපාලනය කියන්නේ මොකක්ද? මට මේ ලැබිලා තියෙන ආදරය, මිනිස්සුන්ගේ ගෞරවය, මේ මුළු ලෝකයෙන්ම ලැබිච්ච දෙයක් නේද? ඇයි මං මේ දේශපාලනයට සම්බන්ධ වෙලා හැමදෙම නැති කරගන්නේ? මං මටම කරගන්න අපරාධයක් ආසාධාරණයක් ඒක..” යැයිද ඇය අවසන් වශයෙන් ඒෂියන් මිරර් සමඟ එක්ව පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37