දේශපාලනඥයින්ගේ නිවෙස් තුළින් හමු වූ රසායනික පොහොර ගැන විමර්ශන අරඹන්න – කෘෂි ඇමති

පසුගිය දා ගිනිබත් වූ දේශපාලනඥයින්ගේ නිවෙස් තුළ තිබී හමුවූ රසායනික පොහොර තොග සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.