දේශගුණික විපර්‍යාස සරසවියට කොත්මලේ ජලාශය ඉහළින් භූමි කොටසක් වෙන්කෙරේ

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600ක භූමි භාගයක් වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළමු වැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් බවයි.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහි ව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර මේ වනවිට ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සමුළුවේ අවසන් දිනය අද වන අතර; තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත්; මෙම වසරේ COP 28 හි දී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය ස්තුතිය ද පළ කර සිටියා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරනු ලබන බව ද ප්‍රකාශ කළා.

ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) මහත්මිය ද මෙම සමාරම්භක අවස්ථාවට එක්වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14