දේශගුණික විපර්‍යාස සරසවියට කොත්මලේ ජලාශය ඉහළින් භූමි කොටසක් වෙන්කෙරේ

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600ක භූමි භාගයක් වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළමු වැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් බවයි.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහි ව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර මේ වනවිට ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සමුළුවේ අවසන් දිනය අද වන අතර; තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත්; මෙම වසරේ COP 28 හි දී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය ස්තුතිය ද පළ කර සිටියා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරනු ලබන බව ද ප්‍රකාශ කළා.

ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) මහත්මිය ද මෙම සමාරම්භක අවස්ථාවට එක්වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42