spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශගුණික විපර්‍යාස සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු බව ජනපති කියයි (ඡායාරූප)

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධන වූ රටවල් ලබාදුන් පොරොන්දු කඩ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙනවා.

ශ්‍රී ලංකා හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ; 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිත ව දේශගුණික විපර්යාස සඳහා කඩිනම් පිළියම් යෙදීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණය ගැනීමේ දී ආර්ථික සාධක, මිල සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් සමස්තය පිළිබඳ පුළුල් දැක්මකින් යුක්ත ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා යෝජනා කළේ; තීරණ ගැනීමේ දී මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීම යෝග්‍ය වනු ඇති බවයි.

WhatsApp Image 2023 11 21 at 16.26.11
WhatsApp Image 2023 11 21 at 16.26.12 1
WhatsApp Image 2023 11 21 at 16.26.12
WhatsApp Image 2023 11 21 at 16.26.13 1
WhatsApp Image 2023 11 21 at 16.26.13
WhatsApp Image 2023 11 21 at 16.26.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?