දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට සැලසුම්

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණ වුණා. එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා දායක කර ගැනීම අරමුණයි.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරුණා.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා සහාය වීමට කොරියානු එක්සිම් බැංකුව ද මේ වන විට ඉදිරිපත්ව සිටින අතර, හාවඩ් සහ එම්.අයි.ටී. (MIT) වැනි කීර්තිමත් ආයතන ද මෙම විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබෙන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පර්යේෂණ සඳහා පමණක් වෙන් වන පශ්චාත් උපාධි ආයතනයක් වන බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස ක්ෂේත්‍රයේ සියලු ඉදිරි පර්යේෂණ මෙම ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියා.

විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා දායක වන ඕනෑම රටකට හෝ සංවිධානයකට විශ්වවිද්‍යාලයේ කොටස්කරුවෙකු වී විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත හැකි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එසේම මෙම විශ්වවිද්‍යාලය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා කෙටිකාලීන පාඨමාලා පවත්වාගෙන යාමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවලදී අවධානය යොමූ වූ දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම, පරිසර හිතවාදී හරිත සංවර්ධනය සහ නවෝත්පාදන කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණා.

සමුද්‍ර දූෂණය වළක්වා ගැනීම සහ විදුලි මෝටර් රථ භාවිතය වැනි ක්ෂේත්‍ර කෙරෙහි යොමුවීමේ දී ශ්‍රී ලංකාව දක්වන පසුගාමීත්වය පිළිබඳව ද අවධානය යොමු වූ අතර එම ගැටලුවලට විසඳුම් සෙවීමේ දී පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධිය උදාහරණයක් ලෙස ගෙන මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන තනි අධිකාරියක් යටතට පත් කිරීරමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ තුළින් පාරිසරික ගැටලුවලට වඩාත් ඵලදායී විසඳුම් ලබා ගත හැකිවනු ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාව තුළ ආපදා වැළැක්වීමේ අධිකාරියක් නොමැතිකම බලවත් ගැටලුවක් බවත්, ආපදා අවස්ථාවලදී ඉන්දියාවෙන් ලැබෙන සහාය මත පමණක්ම රැඳී නොසිට රට තුළ ආපදා පෙර සූදානමක් ඇති කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිළි කළා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ව්‍යසන කළමනාකරණ වැඩසටහන කෙරෙහි ද සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා සහායවීමට යුරෝපීය නියෝජිත පිරිසක් කැමැත්ත පළ කර තිබෙන සඳහන් වුණා. ජාත්‍යන්තරව පිළිගත් කලාපීය ආපදා කළමනාකරණ වැඩසටහනක් ඇති කිරීම සඳහා මගපෙන්වීමට මෙම යුරෝපීය කණ්ඩායම ජුනි 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි අනාවරණය කෙරුණේ.

පුද්ගලික අංශයේ අරමුදල්වල සහාය ඇතිව වෙනම ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) උනන්දුවෙන් පසුවන අතර දේශගුණික විපර්යාස හා සම්බන්ධ සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි උනන්දුවක් ඇති බාහිර ආයතන කිහිපයකින් ද ඒ සඳහා සහාය ලැබී ඇති බවත් සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23