දේව බලයෙන් දැරියක් ගැබිණියක් කල කට්ටඩියා

හුංගම මුලන ප‍්‍රදේශයේ පදිංචි කුමාර යොවුන් තරුණයෙකි. පැරණි ගුරුකම් ආදිය ඉගෙනීමට විශේෂ කැමැත්තක් ඔහු දැක්වීය.පාසල් අධ්‍යාපනයට වඩා කුමාර හැදෑරුවේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්ය. අහල පහල ගම්දනව්වල පැවැත්වෙන තොවිල් ගෙවල් මොහු සොයාගෙන ගියේ පාසල්ද නොගොසින්ය. පාසල් වියේ පටන් බොහෝ අය මොහුව හැඳින්වූයේ කට්ටඩි යන අන්වර්ථ නාමයෙනි. කාලය එලෙස ගෙවී ගියේය.

මෙම කුමාර පාසැල් අධ්‍යපනයට තිත තබා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් වලට ආසා කලේය.ඒ ආසාව නිසාම දන්නා හඳුනන කට්ටඩි මහතකු යටාත් ගුරු හරුකම් ලබාගත් කුමාර කාලයත් යත්ම යම් යම් ගුරුකම් කිරිමට හැකියාව ලබාගත්තේය.

එසේ කාලය ගතවි යත්ම කුමාර සිතුවේ තමන් තනිවම ගුරුකම් කලයුතු බවයි.”දැන් අනුන් යටතේ වැඩ කටයුතු කළා ඇති. මමත් මේ හැම සාත්තරයක්ම අකුරක් නෑර දන්නවා. ඒක නිසා දැන් තනියම වැඩ කරන්න ඕනා.” එලෙස සිතූ කුමාර තම ගුරුන්වහන්සේගෙන් සමුගෙන තනියම ගුරුකම් කිරීමට පටන් ගත්තේය.

කුමාර ප‍්‍රදේශය පුරා ජනප‍්‍රිය විය. ඒත් තරුණ කට්ටඩියකු ලෙසන්ය.‘‘තරුණ කට්ටඩි මහත්තයෙක් ඉන්නවා හුංගම පැත්තේ. ඕන වැඩක් අකුරට කරනවා.‘‘වෙන කට්ටඩියෝ වගේ නොවේ. වැඬේ කරන්න පුළුවන්ද බැරිද කියලා මුලින්ම කියනවා. අසාධාරණ විදියට සල්ලි ගන්නෙත් නැහැ. හරි දක්ෂ කට්ටඩි මහත්තයෙක්.” ප‍්‍රදේශයේ ජනතාව කුමාර ගැන කතා කළේ එලෙසින්ය.

ඔහුට රටපුරා තොවිල් ගෙවල් කිරීමට ආරාධනා ලැබුණි. තොවිල් බවිල් හරියට කළත් ඔහුගේ චරිතය නම් පිරිසුදු නොවුණි. යන යන තැන කාන්තාවන් සමග සම්බන්ධකම් දැක්වීමටද මොහු දැක්වූයේ දැඩි රුචි කමකි.

වයස අවු 20 පිරිමටත් පෙර මොහු තරුණියක් සමග විවාහ විය. එම විවාහයෙන් ඔවුන්ට දරුවන්ද ලැබුණි.

නමුත් මොහුගේ සල්ලාල නොහික්මුන සිත නිසාම රට පුරා අසන අසන තැන හොර බිරිනදැවැරු බිහිවිය.ඒ නිසාවෙන්ම ඔහුගේ පවුල් ජිවිතය බිද වැටුණු.ඔහු දැන් නැවත තනිකඩ ජිවිතයක් ගත කරයි.මේ අතර හංවැල්ල ප‍්‍රදේශයේ එක්තරා නිවසක තොවිලයක් කිරීම සඳහා කුමාරට ආරාධනාවක් ලැබුණි. ඒ දැනට මාස කිහිපයකට පමණ පෙරයි. ඒ අනුව තොවිලය කිරීම සඳහා අවශ්‍ය දෑ රැගෙන කුමාර එම නිවෙසට ගියේය.

අතුල එම නිවසට යාබදව ජීවත් වූ පුද්ගලයෙකි. එක්දරු පියකු වන ඔහු බිරිඳගෙන් දික්කසාද වී තනියම ජීවත් විය. දික්කසාද වූ ඔහුගේ බිරිඳ ජීවත් වූයේ කන්තලේ ප‍්‍රදේශයේය. ඒ තම එකම දියණිය සමඟය. වයස අවුරුදු පහළොවක් වන ඇය නමින් වාසනාය.

කොරෝනා වසංගතයත් සමග ලැබුණු දීර්ඝ පාසල් නිවාඩුව නිසා ඇය තම පියාගේ නිවස වෙත පැමිණියාය. එලෙස පැමිණි ඇය මාස කීපයක් තම පියා සමග ජීවත් වූවාය. කුමාර තොවිලය පැවැත්වීම සඳහා යාබද නිවසට පැමිණෙන්නේ මේ කාල වකවානුව තුළයි.තොවිලය පැවැත්වීම සඳහා පැමිණි කුමාර යාබද නිවසේ සිටි වාසනාව දුටුවේය. ඒ දුටු පළමු මොහොතේම ඇය ගැන ආදරයක් ඔහුට ඇති විය.ඇය කෙරෙහි රබර් ඇස යොමු කලේ දැඩි කාමාශාවෙනි.

‘‘කවදාවත් දැකලා නෑ මෙහෙම ලස්සන කෙල්ලෙක්. කිසිම අඩු පාඩුවක් නෑ. හරිම සිරියාවන්තයි. පුංචි සුරංගනාවියක් වගේ. ඇයව මගේ කරගන්න ඇත්නම් කොච්චර නම් හොඳද. කොහොමහරි තොවිලය ඉවර වෙන්න ඉස්සෙල්ලා ඇය සමඟ යාළු වෙන්න ඕනා.” කුමාර එලෙස සිතුවේය.

කුමාර පැය කීපයක් යන්නට මත්තෙන් වාසනා සමග ලෙන්ගතුකමක් ඇතිකර ගත්තේය. ඒ ඇයගේ පියාට මෙන්ම අන් අයටද හොර රහසේය.

‘‘මේ මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ඔයාට අංජනම් එළි බලන්න පුළුවන් වේවි. ඔයාගේ අම්මගේ තාත්තගේ විරසකය නැති කරලා ඒ දෙන්නව යළි එකතු කරල දෙන්න මට පුළුවන්. ඒ වගේම ඔයාගේ ජීවිතයට වාසනාව පාදලා දෙන්නේ කොහොමද කියලා මට කියා දෙන්නත් පුළුවන්.”

එවැනි නානාප‍්‍රකාර දෑ පවසමින් කුමාර එම ළාබාල තරුණිය සමඟ පෙම් සම්බන්ධතාවක් ගොඩ නඟා ගත්හ. තොවිලය අවසන් කර තවත් දින දෙක තුනක් ඔහු එම නිවසේ රැඳී සිටියේය. ඒ වාසනා නිසාය.ඒ දින කිහිපය තුළ වාසනා සමඟ කුමාර ලිංගිකව එකතු විය. ඒ අනුව ඇය කුමාර අතින් ගැහැනියක් බවට පත් වූවාය. හංවැල්ලේ එම නිවසින් යා යුතු දිනය උදා විය. එහෙත් කුමාර ගියේ සිතකින් නොවේ. සිත ඇය ළඟ තබා ගතින් ඔහු වෙන් විය. කුමාර ගොස් දින කිහිපයකට පසු වාසනා ද කන්තලේ තම මවගේ නිවස වෙත පැමිණියාය.

මාස තුනක් පමණ එලෙස ගත විය. ඒ අතර විටින් විට ඔවුහු මුණගැසී නිදහසේ පෙම් සුව සහ කම්සැප වින්දහ.

දිනක් වාසනා කුමාරට ”මගේ ඇඟටත් පණ නැහැ. සමහර කෑම කන්නත් බෑ අප්පිරියයි. දවස් දෙක තුනක් වමනෙත් ගියා. මට හරි බයයි. මං පෙග්නට් වෙලාද දන්නේ නෑ.” පැවසුවාය.

‘‘ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයාව අතෑරලා යන්නේ නැහැ. ඒක නිසා ඉක්මනට ඔයා එන්න මාව මුණගැහෙන්න. මම සේරම බලා ගන්නම්.” පිළිතුරු වශයෙන් කුමාර එලෙස පැවසුවේය.

දිනයක් යොදා ගත් දෙදෙනා අතරමගදී මුණ ගැසුනහ. එලෙස මුණගැසී මුත‍්‍රා පරීක්ෂණයක් සිදු කළේය. එහිදී හෙළි වූයේ වාසනා ගැබිනියක බවයි. කුමාර එය දැනගත් පසු බියට පත්විය. ඒ වාසනා ළාබාල තරුණියක් නිසාය. ඒ අනුව බියට පත්වූ ඔහු එම තරුණිය රැගෙන පලා ගියේය. එලෙස පලා ගිය ඔහු ඇය සමඟ දන්නා කියන නිවෙස්වල දින කිහිපයක් නතර වූහ.දියණියගේ අතුරුදන්වීම ගැන දැන ගත් මව සූරියපුර පොලිසියේ ඒ පිළිබඳව පිළිබඳව පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

පසුව මෙම කට්ටඩියා ඔවුන් දෙදෙනාව පොලිස් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සැකකාර කට්ටඩියාගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේදී ඔහු පැවසුවේ මෙවනි කතාවකි.

‘‘මම කට්ටඩියෙකු ලෙස රැකියාව කරනවා. මම එක් දරු පියෙක්. දැන් නීත්‍යනුකූලව වෙන්වෙලා ඉන්නේ. ඔහුට මාසිකව වන්දියක් ගෙවනවා. එහෙත් කොරෝනා වසංගතය නිසා පසුගිය මාස තුනේ වන්දි ගෙවන්නත් බැරි වුණා.”

‘‘ඉන්පසු මම තවත් කාන්තාවන් දෙදෙනකු සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියා. ඒ අතරතුර තමයි මෙම ළාබාල දැරිවිය හමුවුණේ. ඉන්පසු ඇය සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා. දැන් ඇය ගැබිනියක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25