දේවස්ථානයක ගින්නකින් පුද්ගලයින් 41ක් මරුට

ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක් ඇතිව තිබෙන අතර ඇති වූ ගින්නෙන් පුද්ගලයන් විශාල ගණනක් මිය ගොස් තිබෙනවා.

ගින්න හේතුවෙන් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 41 ක් වන අතර තුවාල ලැබූ පිරිස ද විශාල ගණනක් බවයි ඊජිප්තු බලධාරින් සඳහන් කරන්නේ.

මෙම ගිනි ගැනීම සිදු වන අතරතුර දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් ඉන් පිටවීමට උත්සාහ දැරීමේ දී ඇති වූ තෙරපීමකින් ද බැතිමතුන් මිය ගොස් තිබෙනවා.ගින්න ඇති වූ, කොප්ටික් අබු සිෆින් දේවස්ථානයේ දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් 5,000ක් රැස්ව සිට තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත