දේවගැති ජෙරොම්ට අදාල නඩුවක් ගොනු කිරීම ගැන අධිකරණයෙන් CIDයට දෝෂාරෝපණයක්

බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයට අදාළ පැමිණිල්ල ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කැමති අධිකරණ තෝරා ගැනීමට හැකියාවක් නොමැති බව විවෘත අධිකරණයේ චෝදනා කළා.

මෙම පැමිණිල්ල අද (06)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අධිකරණයේ පෙනී සිටියා.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පැවසුවා.

මෙම සැකකරුට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තවත් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා එම පැමිණිල්ල ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේදැයි විමසුවා.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරන බව සඳහන් කර සිටියා.

තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවත් අනතුරු අඟවා සිටියා.

අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූලව කටයුතු කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඊට අනතුරුව අදාළ පැමිණිල්ල අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඉකුත් අප්‍රේල් මස 30 වනදා පැවති දේව මෙහෙයකදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41