දේපළ සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් සහ රන් මාල කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලිසිය සිදු කළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුනාව දුම්රියපොළ ප්‍රදේශයේදීයි.

කලුතර උතුර රන්හිඳපුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 260ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පානදුර දකුණ පොලිස් වසමේ සිදු කළ යතුරුපැදි සොරකමක් සහ රන් මාල කොල්ලකෑමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ යතුරුපැදයදිය, රන් මාලයක් සහ පෙන්ඩනයක් දෙහිවල ප්‍රදේශයේ පිහිටි උකස් ආයතනයක් වෙත උකස් කර තිබියදී බිල්පත ද සමගින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු පානදුර උතුර සහ වැල්ලවත්ත ප්‍රදේශවල සිදු කරන ලද කොල්ලකෑම්වලට අදාළව අනාවරණ වූ තොරතුරු අනුව කොල්ලකන ලද එම රන් භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම සැකකරුට එරෙහිව කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව විවෘත වරෙන්තු නිකුත්කර ඇති අතර එම අධිකරණයේම විභාග වන තවත් සොරකම් සහ කොල්ලකෑම් සම්බන්ධ නඩු 16ක් ඇති බවට ද හෙළිවී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් මොරටුව පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.

මේ අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් දේපළ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස සිදු කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙක්.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද රයිස් කුකරයක් බ්ලෙන්ඩරයක් පිත්තල පහනක් කුඩා පිත්තල වංගෙඩියක් සහ සිවිලිම් විදුලි පංකාවක් ඇතුලු දේපළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයයි විමර්ශන සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36