දෙහිවල හෝටලය කඩා බිඳ දැමීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මෙම වසර මුල දී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ‘දෙහිවල සෝල් බීච් හෝටලය’ සාපරාධී අයුරින් කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලිකාර සහ වගඋත්තරකාර පාර්ශ්ව ගෙන්වා සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිය නිර්දේශ නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ; හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය හේතුවෙන් පැමිණිලිකාර පාර්ශ්වයේ මූලික අයිතිවාසිකම් බිඳ වැටීමකට ලක් ව ඇති බවයි.

පැමිණිලිකාර සෝල් බීච් හෝටල් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වින්දිත පාර්ශ්වය වෙත සිදු වූ දේපොළ අලාභ හානි වෙනුවෙන් වන්දි මුදල් ගෙවන ලෙසට පළමු නිර්දේශය ලබා දී ඇති බවට ද ප්‍රකාශ කළා.

මෙම සිදුවීමේ වග උත්තරකාර පාර්ශ්ව ලෙස පැමිණිලිකාර පාර්ශ්වය විසින් නම්කරනු ලැබ ඇත්තේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරුද්ධ හේරත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන යන අයයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පැමිණිලිකාර සහ වග උත්තරකාර පාර්ශ්වයන් ගෙන්වා මෙම සිදුවීම පිළිබඳ ව දීර්ඝ ලෙස විභාග කිරීමක් සිදු කළා.

ඉන් අනතුරුවයි කොමිෂන් සභාව විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇත්තේ.

ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව සිය පළමු නිර්දේශය ලෙස දක්වා ඇත්තේ සාපරාධී අයුරින් කඩා බිඳ දැමූ සෝල් බීච් හෝටල් ආයතනයේ අලාභ හානි ගෙවිය යුතු බවටයි.

එම අලාභ හානි මුදල් ගෙවීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා.

කොමිෂන් සභාව නිකුත් කළ දෙවැනි නිර්දේශය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත යොමු කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ; සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මැදිහත් වූ දෙහිවල පොලිස්‍ ස්ථානාධිපති අනුරුද්ධ හේරත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහ නියෝජ්‍ය පොලිස්පති ජී. එච්. මාරපන යන අයට එරෙහි ව විධිමත් අයුරින් විමර්ශනයක් සිදු කරන ලෙසටයි.

පැමිණිලිකරුවන්ට සහ සේවකයින්ට නීත්‍යානුකූල රැකියාවක් සිදු කිරීමේ අයිතිය මෙම හෝටලය කඩා බිඳ දැමීමෙන් පසුව අහිමි ව යාමත්; ඉන් ඇති වූ ආර්ථික හානියත් ගණනය කර එම කාලයට අදාළ වන්දි මුදල් ගෙවන ලෙසටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් වග උත්තරකාර පාර්ශ්ව වෙත සිය නිර්දේශ ඉදිරිපත් කරමින් දැනුම්දී තිබෙනවා.

‘සෝල් බීච් හෝටල් පරිශ්‍රය’ මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින අලුයම 03ට පමණ කඩා බිඳ දැමීමකට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩුවක් විභාග වෙමින් පවතිනවා.

පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කරන පරිදි මෙම සෝල් බීච් හෝටලය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 40කට අධික මුදලක් වැය වී ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32