දෙහිවල දුම්රිය ස්ථානය අසල අද (18) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු වුණා.
එහිදී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර වෙඩි තැබීමේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.













