දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ වෙඩි තැබීමක් (වීඩියෝ)

අද (18) පෙරවරුවේ දෙහිවල දී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමට ලක් ව ඇත්තේ දෙහිවල දුම්රිය ස්ථානය අසල සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාස කාර්‍යාලය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.