දෙහිවල ඝාතනයට ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

දෙහිවල රෝහල් පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත සැකකරුවන් 14 දෙනා මෙම මස 23 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි තරුණයෙක්.

දෙහිවල ප්‍රදේශයේ වායු වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැන යෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසමිනුයි සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වූ බවට සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන්ට පහරදීමෙන් අනතුරුව අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26