දෙසැම්බර් මාසය වනවිට කොරෝනා මරණ 22,000 පනී.. අපේ රටේ අනාගතය ගැන සිදුකළ අනතුරු ඇඟවීම මෙන්න

දිනෙන් කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ අපි අද අවධානය යොමු කරන්නේ කොවිඩ් 19 පිළිබද පුරෝකථන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම දත්ත පිළිබඳවයි.

මේවන විට දිනකට 100 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වීමේ තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් ඔක්තෝබර් මාසය වනවිට දිනකට මරණ 350ක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

මෙරට සමස්ත කොවිඩ් මරණ මේවන විට 5000 ඉක්මවා ඇති නමුත් IHME ආයතනය පුරෝකථනය කරන්නේ පවතින තත්ත්වය යටතේ තවත් මාස 4කින්

එනම් දෙසැම්බර් මාසය වනවිට සමස්ත කොවිඩ් මරණ ගණන 12,600 ඉක්මවා යන බවයි.

තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එම කාලය වනවිට සමස්ත මරණ 22,000 සීමාව ඉක්මවා යන බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පලා යාමට දැරූ උත්සාහයේදී රෝගී තත්ත්වය උත්සන්න වී පසුව මියගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ මෙම පුද්ගලයා අවසිහියෙන් ඔක්සිජන් හා සේලයින් සම්බන්ධතා ගලවා දැඩි සත්කාර ඒකකයේ වීදුරුවක්ද බිඳ පලාගොස් ඇති බවයි.

එහිදී ඇඳවැටුනු රෝගියා ජීවතක්ෂයට පත්ව ඇති අතර ඔහු 37 හැවිරිදි අනුරාධපුර පදිංචි එක්දරු පියෙක්.

එමෙන් ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා කරන දත්ත හා ජාතික මට්ටමෙන් වාර්තා වෙන දත්ත අතර දැඩි පරස්පරතාවයක් පවතින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

ආසාදිතයින්ගේ දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට හිරු ප්‍රවෘත්ති තුළින් පෙන්වා දුන් තත්ත්වයක් තුල ගම්පහ දිස්ත්‍රක්කයෙන් ගෙවුණු දිනයේ ආසාදිතයින් 35ක් පමණක් වාර්තාකර තිබීම කැපී පෙනෙන කරුණක්.

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 2,049 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 302,455 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අධික තරබාරු පුද්ගලයින්ට කොවිඩ් අවදානම ඉහළ බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිත ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු හඳුනා නොගත් මළ සිරුරු 13ක් අධිකරණයෙන් ලබාගත් නියෝග මත භූමදාන කටයුතු කිරීම සඳහා මඩකලපු ඔට්ටමාවඩි ප්‍රදේශයට අද රැගෙන යනු ලැබුවා.

එසේම, කොරෝනා මෘත දේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකළ යුතු බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සියලු පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවකදීයි.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නොමිලේ ලබාදීමට රජය කටයුතු කරන අතර, එකී සැපයුම් කඩිනමින්ම ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර, සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල ලබන සඳුදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ කාලය වෙන් කර ගැනීම වෙනුවෙන් හෙට දිනයේ පමණක් සේවය ලබා දීම සිදු කරන බවයි.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හමුවේ අවශ්‍ය පහසුකම් නොමැති බවට පවසමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, මීගමුව නගර සභාවේ ගිණුම් සහ ගොඩනැගිලි අංශවල කාර්ය මණ්ඩල සමාජිකයින් කිහිපදෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බැවින් මහ නගර සභාව අද සිට ලබන සඳුදා දක්වා වසා තැබෙන බව මීගමුව නගරාධිපතිවරයා සඳහන් කළා.

මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය දෙපස අධික ලෙස ඉවතලන මුහුණු ආවරණ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දිනකට මුහුණු ආවරණ 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් මෙලෙස බැහැර කිරීම හේතුවෙන් කොවිඩ් – 19 පැතිරයාමේ දැඩි අවධානමක් ඇති බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 2420 ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එමෙන්ම, කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කළේ කොරෝනා ආසාදනය වීමේදී හුස්ම ගැනීමේ අපහසුතාවය දැඩි ලෙස පවතින්නේ නම් රෝහල් ගතවීම අත්‍යාවශ්‍ය වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48