දෙසැම්බර් මස 26 වෙනිදා සිට ක්‍රියාත්මක නව ක්‍රියා පටිපාටිය මෙන්න

පසුගිය මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය සංශෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

නව ක්‍රියා පටිපාටියට දෙසැම්බර් මස 26 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, රජය විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

ඉහත සඳහන් ක්‍රියා පටි පාටියෙන් පරිභාහිරව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීම යන කොන්දේසිය යටතේ මෙරටට පැමිණීමට අවසරය ලබා දෙනු ලැබේ.

එලෙස පැමිණෙන ගුවන් යානා සම්බන්ධයෙන් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සිවිල් ගුවන් සේවා අධිකාරිය එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවන්ට යටත්ව සිදු කිරීමට නියමිතව ඇත. මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ හෝ මෙරටට පැමිණීම සඳහා වෙන් නොවූ ගුවන් ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීමට මගීන්ට අවසර හිමිවේ.

ඉහත සඳහන් විධිවිධානයන්ට යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන පුද්ගලයින් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම සම්බන්ධයෙන් වන පුර්ණ වගකීම අදාළ ගුවන් සමාගම වෙත පැවරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් නව මාර්ගෝපදේශ පිළිබඳව සිදු කෙරෙන වැඩිදුර ඇගයීම් මත පදනම්ව ශ්‍රී ලංකාවට පැමිණෙන මඟීන් සඳහා වන ක්‍රියා පටි පාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සමාල කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12