spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙසැම්බර් මස 26 වෙනිදා සිට ක්‍රියාත්මක නව ක්‍රියා පටිපාටිය මෙන්න

පසුගිය මාර්තු මාසයේ සිට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පටිපාටිය සංශෝධනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

නව ක්‍රියා පටිපාටියට දෙසැම්බර් මස 26 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, රජය විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

ඉහත සඳහන් ක්‍රියා පටි පාටියෙන් පරිභාහිරව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීම යන කොන්දේසිය යටතේ මෙරටට පැමිණීමට අවසරය ලබා දෙනු ලැබේ.

එලෙස පැමිණෙන ගුවන් යානා සම්බන්ධයෙන් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සිවිල් ගුවන් සේවා අධිකාරිය එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සීමාවන්ට යටත්ව සිදු කිරීමට නියමිතව ඇත. මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ හෝ මෙරටට පැමිණීම සඳහා වෙන් නොවූ ගුවන් ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීමට මගීන්ට අවසර හිමිවේ.

ඉහත සඳහන් විධිවිධානයන්ට යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන පුද්ගලයින් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම සම්බන්ධයෙන් වන පුර්ණ වගකීම අදාළ ගුවන් සමාගම වෙත පැවරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් නව මාර්ගෝපදේශ පිළිබඳව සිදු කෙරෙන වැඩිදුර ඇගයීම් මත පදනම්ව ශ්‍රී ලංකාවට පැමිණෙන මඟීන් සඳහා වන ක්‍රියා පටි පාටිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සමාල කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?