දෙවුන්දර වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

දෙවුන්දර, සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රීයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

ටී-56 හා මිලිමීටර් 09 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 28 සහ 29 යන වයස්වල පසු වූ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

වෙඩික්කරුවන් පැමිණි බව කියන වෑන් රථය ගන්දර, වැල්ලමඩම ප්‍රදේශයේ ගිනිතබා දමාගොස් තිබිය දී පොලිසිය සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.