දෙවියන්ට ස්තූති කරමින් සටන් විරාමය සැමරූ මිනිස්සු

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් අවසන් කරමින් හමාස් සංවිධානය සමග ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණීමේ සතුට සමරමින් ගාසා වැසියෝ ඊයේ අලුයම 2.00ට පමණ වීදිවලට පැමිණ “දෙවියන්ට ස්තූති වේවා” යනුවෙන් පවසමින් ප්‍රීතිඝෝෂා පැවැත් වූ බව විදෙස් වාර්තා පවසනවා.

රාමසාන් උපවාසයේ අවසානය සනිටුහන් කරන ප්‍රීතිමත් මුස්ලිම් මංගල්‍යයක් වන ඊද් අල්-ෆිතර් සැමරීමට පසුගිය සතියේදී ඔවුන්ට අවස්ථාව අහිමි වූයේද මෙම ගැටුම්කාරී තත්ත්වය නිසායි.

පලස්තීන ජාතිකයන් රැසකට ජීවිත අහිමි කළ, ගොඩනැගිල් රැසක් අලු දුහුවිලිවලට පත්කළ ගැටුමේ අවසානය දැකීමෙන් ප්‍රිතියට පත් ඔවුහු,”දෙවියන් ශ්‍රේෂ්ඨයි, දෙවියන්ට ස්තුති වේවා” යනුවෙන් අරාබි බසින් කෑ ගැසුවා.

මෙම පුවතත් සමග මෝටර් රථවලින් ගාසා තීරයේ ප්‍රධාන වීදි පිරී ගිය අතර, රියදුරන් වාහන නළා හඬවමින්ද, ඇතැම් අය ජනේලයන්ගෙන් තුළින් පිටතට පැමිණ පලස්තීන ධජ අතින් රැගෙන ගමන් කරන ආකාරයක් දැකිය හැකි වුණා.

මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, “ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා” යනුවෙන් ප්‍රශංසා කර ඇති අතර වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සමරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09