දෙවැනි විස්සයි විස්ස ශතකය ලකුණු 02න් අහිමි වූ පැතුම්ගෙන් වාර්තා මල්ලක්

පාකිස්ථානයේ රාවල්පින්දි ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමඟ ඊයේ (25) පැවති විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ගොස් ලකුණු 146ක් රැස්කර ගනු ලැබුවා.

තරගාවලිය ගැන ඉදිරි බලාපොරොත්තු තබා ගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම තරගය ජයගත යුතුව තිබූ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් පන්දුවාර 16යි පන්දු දෙකක් තුළ ඉලක්කය සපුරා ගත්තේ පහසු ජය අත්කර ගනිමින්.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක තරගයේ අවසාන ලකුණත් රැස් කරමින් නොදැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් වුණා.

සිය ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස දෙවැනි ශතකයට ලකුණු දෙකක් පමණක් පිටුපසින් සිටියදී ඔහු විසින්ම එල්ල කරනු ලැබූ විශිෂ්ඨ 06 පහරින් ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක ඊයේ දිනයේ මෙලෙස රැස්කර ගත් ලකුණු 98ත් සමඟින් වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභියා (ලකුණු 2326) බවට පත් වීමටද පැතුම් නිස්සංකට ඊයේ (26) හැකිවුණා.

එමෙන්ම දින දර්ශක වසර තුනකදී ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව අභිබවා ගිය පළමු ශ්‍රී ලංකික පිතිකරුවා බවට ද පැතුම් නිස්සංක පත්වුණා.

ඒ 2022 වර්ෂයේ දී ලකුණු 713 ක්, 2024 වර්ෂයේදී ලකුණු 622ක් සහ මෙම වසර සඳහා ලකුණු 520ක් ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු හඹා යාමේදී වාර්තා රැසක් තමන් ඉදිරියේ තබා ගැනීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හඹා යෑමේදී වැඩිම ලකුණු, දෙවන ඉහළම සාමාන්‍යය, එක් පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු, වැඩිම අර්ධ ශතක, වැඩිම හතරේ පහර ගණන, දෙවන වැඩිම හයේ පහර ගණන යන වාර්තා ලියවී තිබෙන්නේ පැතුම් නිස්සංකගේ නම ඉදිරියෙනුයි.

  1. අපේ රටේ මහ පුදුම මිනිස්සු ඉන්නේ..මැච් දිනනකොට හුරේ දානවා…පරදිනකොට පලු යන්න බනිනවා..ක්‍රීඩකයින්ට දරාගැනීමේ ශක්තිය තිබුනාට නරබන සම හරක්ට ඒක දරාගන බෑ…

  2. ආයෙ මොකෝ අපේ එවුං දිනුවත් වාර්ථා පැරදුනත් වාර්ථා.
    බල්ලොත් නොකන වාර්ථා කීවලු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11