දෙවරක් සිතා බාබර් ගත් තීරණයට නවසීලන්තයෙන් ප්‍රබල උත්තරයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ නවසීලන්තය අතර තරගයේ නවසීලන්ත ඉනිම මීට සුළු වේලාවකට පෙර නිමා වුණා.

ඒ, කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීමට කළ ආරාධනයට ප්‍රබල පිළිතුරක් සපයමින්.

එහිදී නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 401ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් අද දිනයේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන් පිටියට පිවිසි රචින් රවීන්ද්‍ර පන්දු 94ක් තුළ ලකුණු 108ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහු අද දිනයේ රැස්කළ ශතකයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ද හැකියාව ලැබුණා.

ඊට අමතරව තරග කිහිපයකට පසු අද දිනයේ දී නවසීලන්ත කණ්ඩායමට පැමිණි නිත්‍ය නායක කේන් විලියම්සන් ලකුණු 95ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළා.

ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 41ක්, මාර්ක් චැප්මන් ලකුණු 39ක් නවසීලන්ත ඉනිමට එක් කළා.

පන්දු යැවීමේ දී පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් වසීම් කඩුලු 03ක් ලකුණු 60කට බිඳ දැමීමට සමත් වුණා.

ඔහුට අමතරව හරිස් රවුෆ්, හසන් අලි සහ ඉෆ්තිකාර් අහමඩ් නවසීලන්ත ඉනිමේ කඩුලු එක බැඟින් බිඳ දැමුවා.

බැංගලෝර් හිදී පැවැත්වෙන මෙම තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 402ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

පාකිස්ථාන කණ්ඩායම මෙම තරග ජය ගතහොත් පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ මෙන්ම නෙදර්ලන්තයේ ද ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය කෙරෙනවා.

යාම හෙයකින් මෙම තරගය නවසීලන්තය ජයගතහොත් එම කණ්ඩයම් තුනේ ලෝක කුසලාන ඉදිරිගමන පිළිබඳව විශ්වාසයක් තැබීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ සිටින නවසීලන්තය අභිබවා යාමට නම් පාකිස්ථාන මෙම ලකුණු 402ක ඉලක්කය පන්දුවාර 35යි පන්දු 03ක් තුළ සපුරාගත යුතු වනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පාකිස්ථානය මේ වනවිට හයවන ස්ථානයේ රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15