දෙවරක්ම වැඩ තහනම් වූ ගන්දර OIC ගේ කැරැට්ටුව හෙලිවෙයි

ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලිංගික අතවරයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා රජයේ ප‍්‍රබල ඇමැතිවරයකුගේ සමීප ඥාතියකු බවත්, ස්ථානාධිපති ධුරයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොතිබූ මෙම නිලධාරියා එම තනතුර ලබාගෙන ඇත්තේ අදාළ අමාත්‍යවරයාගේ ඍජු මැදිහත්වීමෙන් බවත් අනාවරණය වී ඇත.

ජනපි‍්‍රය නිරූපිකාවකට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ මෙම අමාත්‍යවරයා පොලිස්පතිවරයා විරෝධය පළකරද්දී සැකකාර නිලධාරියා ගන්දර ස්ථානාධිපති ධුරයට පත්කර ඇති බවද වාර්තා වෙයි.

මෙම නිලධාරියාට එම තනතුර ලබා ගැනීමට දකුණු පළාතේ තරුණ නියෝජ්‍ය ඇමැතිවරයකු ද මැදිහත් වී ඇති බව අනාවරණය වී ඇත. මීට පෙර දෙවරක්ම වැඩ තහනමට ලක්වී ඇති මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අවස්ථා කීපයකදීම විවිධ විනය විරෝධී කි‍්‍රයා සහ නීති විරෝධී කටයුතුවල නිරත වූ බවට චෝදනා එල්ල වූ අයෙකි.

ආධුනික පොලිස් කොස්තාපල්වරියට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වන විට ගන්දර පොලිසියේ නිලධාරිනියන් ඇතුළු දසදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර මෙම අතවරයට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරිය සහ ඇය සමග රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු ගන්දර පොලිසියෙන් වෙනත් පොලිස් ස්ථාන තුනකට මාරුකර යවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ මෙම නිලධාරිනියට සහ ඇය වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්ව සිටිනා නිලධාරිනියන්ට එල්ල වන බලපෑම්වලින් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන් මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි. සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මාතර අධිකරණය වෙත අද (28 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

රාජකාරි නිල ඇඳුමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියක් සිය නිල නිවසට ගෙන්වාගෙන බලපෑම් කර ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44