spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙවන යූරියා පොහොර තොගයත් දිවයිනට – ඉදිරියේ දී වී වලටත් වැඩි මිලක්

ඉන්දීය ණය සහනාධාර යටතේ හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස මෙරටට ලැබී ඇති බව පොහොර සමාගම පවසනවා.

මෙට්‍රික් ටොන් 21,000ක මෙම පොහොර තොගය ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම පොහොර තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතිය තුළ ආරම්භ කරන බවයි වාර්තා වුණේ.

මේ අතර ඉදිරියේ දී වී සඳහා වැඩි මිලක් ලබාදිය හැකි වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (19) මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?